Wednesday, July 11, 2018

අපගේ නිවස හරිත නිවසක් (Green Home) කරගමු

හරිත පරිගණක/ Green Computing ගැන කථාවක්ලක්බිම ඉරිදා සංග්‍රහය  2016.12.25  ( උපුටා ගැනීමකි) 


හරිත සංකල්පය (green concept) අද ලෝකයේ කතා නොකරන තැනක් නැති තරමටම ජනප්‍රියත්වයට පත්වූ සංකල්පයක්. හරිත නගර, හරිත සරසවි, හරිත නිවාස, හරිත පරිගණනය වගේ සංකල්ප පිළිබඳ අද ලෝකය පුරා බහුල වශයෙන්ම කතා බහට ලක්වෙනවා. මේ හරිත සංකල්පය තුලින් කතා කරන්නෙ කොල පාට සුරැකුණු ලෝකයක් නැතිනම් පරිසර හිතකාමී සොඳුරු ලෝකයක් බිහිකර ගන්නෙ කොහොමද කියන එක. 

දුම් පිට කරන වාහන, සුවිශාල කර්මාන්ත ශාලා වලින් පරිසර දූෂණය සිදු උනාට පරිගණක වැනි සුහුරු (Smart) උපකරණ පරිසර දූෂණයට හේතුවක් කියන එක නම් පිලිගන්න කොහොම වත් බැරි වෙයි. නමුත් ඇත්ත එහෙම නෙවෙයි. අපිට නොදැනුනාට පරිගණක හා ඒ ආශ්‍රිත විද්‍යුත් උපකරන පරිසර දූෂණයට ප්‍රබල දායකත්වයක් ලබා දෙනවා.මේ “හරිත පරිගණක” කියන සංකල්පය අනෙකුත් හරිත සංකල්ප වලට වඩා බහුලව කතාබහට ලක්වෙන්නෙත් මේ නිසා. අපේ රටම උදාහරණයකට ගත්තොත් අපේ රට තුලම පරිගණක විශාල ප්‍රමාණයක් භාවිතා වෙනවා. එක් අයෙක් ලැප්ටොප් ,ඩෙක්ස්ටොප්, ටැබ් වගේ පරිගණක වර්ග කීපයක්ම භාවිතා කරනවා. රටේ ජන ගහනය වගේ දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකතන භාවිතා වෙනවා. අද වන විට එදිනෙදා ජීවිතයෙ සියළුම දේවල් පරිගණක කරනය වෙලා ඉවරයි. කඩෙන් බඩු ගත්තම ලැබෙන බිල, බස් ටිකට් එක පවා නිකුත් කරන්නෙ පරිගණක මගින්.මේ විදියට අපේ රටේ වගේම ලෝකය පුරාම පරිගණක භාවිතය සීග්‍රයෙන් ඉහල ගිහින් තියෙනවා.

මේ විදියට පරිගණක භාවිතය ඉහල යනවිට පරිසර දූෂණය වීමත් සීග්‍ර‍යෙන් ඉහල යාම සිදුවනවා. පරිගණ ක්‍රියාත්මක කරන්න විශාල බල ශක්තියක් ඕන. පරිගණක භාවිතය වැඩිවෙනවා කියන්නෙ බල ශක්ති අවශ්‍යතාවය ඉහල යනවා. බල ශක්තිය නිපදවීම පරිසරයට එල්ල කරන්නෙ විශාල බලපෑමක්. පරිසර සංරක්ෂණයෙදි ප්‍රධාන වශයෙන්ම කතා කරන්නෙ බල ශක්ති සංරක්ෂණය පිලිබඳව. පරිගණක වලට තියෙන ඉල්ලුම ඉහල යන විට නිශ්පාදනය ඉහල යනවා. මේ නිශ්පාදන ක්‍රියාවලියත් පරිසරයට විශාල බල පෑමක් සිදු කරනවා. මෙහෙම නිපදවන පරිගණක අනෙකුත් උපකරණ වලට වඩා ඉතාම අඩු කාලයකින් භාවිතයෙන් ඉවත් කරන්නත් සිදු වෙනවා. අවුරුදු විස්සක් තිහක් පරණ රූපවාහිනියක් අදටත් භාවිතා කරන්න පුළුවන් උනාට අවුරුදු දහයක් පරණ පරිගණක අද භාවිතා කරන්න බෑ. තාක්ෂණය වෙනස් වීමත් එක්ක ඉක්මනින්ම පරිගණක භාවිතයෙන් ඉවත් කරලා නව පරිගණක ලබා ගන්න සිදුවෙනවා.

මේ වගේ ගැටළු වලට විසඳුම් ලබා දෙන්න තමයි හරිත පරිගණක කියන සංකල්පය ලෝකයට එන්නෙ. මේ සංකල්පය ආරම්භ වෙලා තියෙන්නෙ 1992 වසරෙදි ඇමෙරිකානු පරිසර ආරක්ෂක ඒජන්සිය(US Environmental Protection Agency - EPA) මගින් Energy Star ප්‍රමිතිය හඳුන්වා දීමත් සමග.
මෙතනදි සලකලා තියෙන්නෙ පරිගණක ආශ්‍රිත උපකරන වල බල ශක්ති සංරක්ෂණය පිළිබඳව. විද්‍යුත් උපකරණ හා ඒවායේ ඇසුරුම් වල Energy කියන අකුරු අග තරුවක් සහිත සලකුනක් ඔබත් දැකලා ඇති. එය තමයි Energy Star ප්‍රමිතිය. මෙයින් කියවෙන්නෙ මේ සලකුණ සහිත උපකරණ බල ශක්තිය අපතේ යාම වලක් වමින් බල ශක්තිය උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්නවා කියන එක. මේ සලකුණ සහිත උපකරණ මිලදී ගැනීමෙන් බල ශක්තිය හා පරිසරය සුරකින කාර්යක්ෂම උපකරණයක් තමන්ට ලැබෙනවා කියන පණිවිඩයත් පාරිභෝගිකයාට ලැබෙනවා.

මෙහෙම ආරම්භ උන හරිත සංකල්පය තව තවත් වර්ධනය වෙලා සෑම ආකාරයකින්ම පරිසර හිතකාමී පරිගණක භාවිතය පිලිබඳව කතාකරන මට්ටමට ඇවිත් තියෙනවා. මේ හරිත පරිගණක කරණය කියන සංකල්පය පිලිබඳව වඩාත්ම පිලිගත් අර්ථ දැක්වීම ඉදිරිපත් කරලා තියෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයෙ මහාචාර්ය සැන් මුරුගේසන් (San Murugesan) විසින්. එතුමා විසින් ලියපු Harnessing Green IT- Principles and Practices කියන වාර්තාවෙ සඳහන් වන ආකාරට හරිත පරිගණක කරනය කියන්නෙ අවම පාරිසරික බලපෑමක් සිදුවන පරිදි පරිගණක නිර්මාණය සැලසුම් කරණය, නිෂ්පාදනය, භාවිතය සහ බැහැර කිරීම යන කරණා පිලිබඳ අධ්‍යනය කිරීම හා ක්‍රියාත්මක වීම කියන එක. මේ අනුව පරිසරයට හිතකර පරිගණක භාවිතය “හරිත පරිගණනය” හෙවත් Green Computing ලෙස හඳුන් වන්න පුළුවන්. මෙම හරිත පරිගණනය සංකල්පයේ අරමුණු වෙන්නෙ

• අඩු බල ශක්ති පරිභෝජනයක් සිදුකරන කරන කාර්යක්ෂම පරිගණක හා උපකරණ නිෂ්පාදනය. 
• අධික විෂ සහිත රසායනික ද්‍රව්‍ය පරිගණක උපකරණ වලින් ඉවත් කිරීම සහ අවභාවිතය.
• පරිගණක හා උපාංග වල උපරිම භාවිතය හා ප්‍රතිචක්‍රීකරණය.
• පරිගණක සහ ඒවායේ උපාංග බැහැර කිරීමේදී සිදුවන පරිසර හානිය අවම කිරීම. 
• ස්වාභාවික, යලි පරිසරයේම සංඝටක බවට පහසුවෙන් පත්වන ද්‍රව්‍ය පරිගණක නිෂ්පාදනයට භාවිතා කිරීම.
• සෞඛ්‍ය ආරක්ෂිත ලෙස පරිගණක භාවිතය

වැනි කරුණු. මේ හරිත පරිගණක සංකල්පය ප්‍රධාන අංශ හතරක් යටතේ විස්තර කෙරෙනවා.

• Green design - පරිසර හිතකාමී සැලසුම් කරණය
• Green manufacturing -පරිසර හිතකාමී නිෂ්පාදනය
• Green use - පරිසර හිතකාමී භාවිතය
• Green disposal - පරිසර හිතකාමී බැහැරකිරීම

ජපානයෙ එක්සත් ජාතීන්ගෙ විශ්වවිද්‍යාලය මගින් සිදුකරපු පරීක්ෂණයකට අනුව පරිගණකයක 1kg කොටසක් නිශ්පාදනය කරන්න ෆොසිල ඉන්ධන 10 kg ප්‍රමානයක් දවාලන්න ඕන. මෙලෙස ෆොසිල ඉන්ධන දහනය මගින් CO2 පරිසරයට එක්වීම නිසා ගෝලීය උණුසුම උණුසුම ඉහල යාම දේශගුණ රටාවන් වෙනස් වීම වැනි බරපතල පාරිසරික ගැටළු වලට මුහුණ දීමට සිදුවෙනවා. එක් පරිගණකයක් සඳහා විවිධ රසායන ද්‍රව්‍යයන් 25 kg පමණ පිරිපහදු කොට ලබා ගන්න ඕන. මේ සඳහා ජලයත් ටොන් 15 පමණ වැයවෙනවා . මේ විශ්වවිද්‍යාල වාර්ථාව අනුව ශක්ති වැය වීම මෝටර් රථයක් නිපදවීමට යන ශක්ති වැය වීමට සමානයි. එමෙන්ම පරිගණකයක් ක්‍රියාත්මක වීමේදිත් ඉහල බල ශක්ති පරිභෝජනයක් සිදුකරනවා. සාමාන්‍ය යෙන් ලොව මුළු බලශක්ති නිශ්පාදනයෙන් 20% පමණ වැය වෙන්නෙ පරිගණක සඳහා. මේ උරාගන්න බල ශක්තියෙන් 30% පමණ අපතේ යාම සිදුවෙනවා. සර්වර් පරිගණක, වැඩහල් පරිගණක වල නම් ශක්ති හානිය 40% පමණ අගයක් ගන්නවා. මේ නිසා බලශක්ති භාවිතය 50% අඩුකරන්න පුළුවන් නම් වසරකට පරිසරයට නිකුත් වන CO2 ටොන් මිලියන 50 කින් පමණ අඩුකරන්න පුළුවන්. මේ ප්‍රමාණය ගල් අඟුරු බලාගාර 20 කින් නිකුත්වන CO2 ප්‍රමාණයට සමාන ප්‍රමාණයක්. මේ නිසා බලශක්ති හානිය අවම වන ලෙස පරිගණක සැලසුම් කිරීම හා නිෂ්පාදනය ඉතාම වැදගත්. එමෙන්ම පරිගණක භාවිතා කරන විටත් අඩු බලශක්තියක් වැය වන අයුරින් ප්‍රශස්ත පරිසරයක පරිගණකය භාවිතා කල යුතුයි. 

මෙලෙස භාවිතා කරන පරිගණක භාවිතයෙන් බැහැරලීමද පරිසරයට බරපතල බලපෑම් ඇති කරනවා. මෙම පරිගණක නිශ්පාදනය සඳහා යොදා ගන්නා ආසනික්, කොබෝල්ට්, බ්‍රෝමීනී කෘත රසායන ද්‍රව්‍ය, ඊයම් ,කැඩ්මියම් ,රසදිය වැනි බැර ලෝහ පරිසරයට එක් වීම නිසා බරපතල පාරිසරික හා සෞඛ්‍ය ගැටථ ඇති වෙනවා. මේවා පරිසරය හරහා යලි මිනිසා තුලටම පැමිණීමෙන් පිලිකා පවා ඇතිවෙන්න පුළුවන්.මේ නිසා ඉවතලන පරිගණක බැහැරකිරීමද පරිසරයට හානි නොවන අයුරින් සිදු කරන්න ඕන. මෙම හරිත පරිගණක සංකල්පය වැදගත් වන්නේ මේ නිසා.

මෙම හරිත පරිගණක සංකල්පය වඩාත් සාර්තක කරගැනීමේ අරමුණින් ඇමෙරිකානු පරිසර ආරක්ෂක ඒජන්සිය (EPA) Intel Corporation, Google, Dell, HP, Lenovo, Microsoft, Pacific Gas and Electric Company (PG&E), ලෝක වනජීවි අරමුදල (World Wildlife Fund) වැනි ආයතන එක්වීමෙන් 2007 ජුනි මාසයේ ආරම්භ කල Climate Savers Computing Initiatives නම් ව්‍යාපෘතිය මගින් සෑම අතින්ම බල ශක්තිය පරිසරය සුරකින හරිත පරගණයක් ලෝකයට ලබා දීම සඳහා අවශ්‍ය සාධනීය පියවර රැසක් අරගෙන හරිත පරිගණනය කියන සංකල්පය තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න හැකියාව ලැබිලා තියෙනවා.

මේ හරිත පරිගණනය කියන්නෙ සංකීර්ණ ගැඹුරු මාතෘකාවක්. විශ්වවිද්‍යාල පාඨාමලාවල පවා මේ ගැන ඉගෙන ගන්න පුළුවන්. මේ සරල කතාව හරිත පරිගණක සංකල්පය පැහැදිලි කරන්න විතරයි. පරිසරය ආදරය කරන අය විදියට අපිට අපි නොහිතන මේ වගේ ක්ෂේත්‍ර පිලිබඳව තව දුරටත් ඉගෙන ගන්න පුළුවන් නම් පරිසරයත් රැකගෙන නූතන තාක්ෂණයෙන් වඩා හොඳ ප්‍රතිපලයක් ගන්න පුළුවන් කම ලැබෙයි.

අසිරු වේදිත කරුණාරත්න ( උපුටා ගැනීමකි)

Tuesday, July 10, 2018


කාර්යාලයක් පරිසර හිතකාමී  කරගන්නෙ  කොහොමද ?


 


කාර්යාලයක සිදුවන අපතේ යාම් 



හරිත ඵලදායිතා  ක්‍රමවේදය



ආරම්භ කිරීම

සැලසුම්කරණය


විකල්ප විසදුම් ජනනය කිරීම ඇගයිම හා ප්‍රමුකතාකරණය


හරිත ඵලදායිතා විකල්ප විසදුම් ක්‍රියාත්මක කිරීම.


අධීක්ෂණය හා සමාලෝචනය


තිරසර භාවය සුරක්ෂිත කිරීම 




හරිත ඵලදායිතා මෙවලම්
  ක්‍රියාවලි ගැලිම් සටහන. (Process Flow Diagram ) 
   කේන්ද්‍රගත සටහන්.      ( Concentration Diagram) 
   බලශක්ති තුලනය.        (Energy Balance ) 
   ද්‍රව්‍ය තුලිතය.                (Material Balance ) 
   පැරටෝ සටහන.          (Pareto Chart )  
   පාලන සටහන.             ( Control Chart ) 




හරිත ඵලදායිතා ශිල්ප ක්‍රම
3R සංකල්පය.
බලශක්ති සංරක්ෂණය.
අපජල කළමනාකරණය
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය.
හරිත මිලදී ගැනුම්.










   






   

Monday, July 9, 2018

 හරිත ඵලදායිතා සංකල්පය

සමස්ථ සමාජ හා ආර්ථික ප්‍රගමනය උදෙසා  ඵලදායිතාවය හා පාරිසරික කාර්ය සාධනය  ඉහල නංවන උපාය මාර්ගයකි.


හරිත ඵලදායිතාවය තුලින් පාරිසරික කළමණාකරණය, ක්‍රමෝපායන්, තාක්ෂණය අවශ්‍ය පරිදි යොදා ගනිමින් නිෂ්පාදනය හා සේවා තුලින් පාරිසරික බලපෑම අවම කිරීමට හරිත ඵලදායිතාවය  සමත් වේ

අපගේ නිවස හරිත නිවසක් (Green Home) කරගමු